Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට බැංකු පොලී අනුපාත පිළිබඳව රොයිටර් පුවත් සේවයෙන් පුරෝකථනයක්

1 year ago

ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සහ ඩොනල් ට්‍රම්ප් පරිපාලනය විසින් පනවන ලද තීරුබදුවලින් ඇතිවන බලපෑම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහ බැංකුව අඛණ්ඩව තුන්වන වතාවටත් පොලී අනුපාත නොවෙනස්ව තබා ගැනීමට අපේක්ෂා කරනු ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

රොයිටර් පුවත් සේවය අදාළ පුවත වාර්තා කිරීමට මත්තෙන්, විශ්ලේෂකයින් සහ ආර්ථික විද්‍යාඥයින් දොළොස් දෙනෙකුගේ මත විමසුමට ලක් කර ඇති බව සඳහන්.

ඔවුන් සියලු දෙනාම ඒකමතිකව අපේක්ෂා කර ඇත්තේ හිතකර උද්ධමනය, ස්ථාවර වර්ධනය සහ එක්සත් ජනපද තීරුබදු ආතතීන් පිළිබඳ අවිනිශ්චිතතාවය මධ්‍යයේ මුදල් අධිකාරිය සිය ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වා ගනු ඇති බවයි.

 එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ලොව පුරා රටවලට පනවන ලද තීරුබදු ප්‍රතිශත අනුව ශ්‍රී ලංකාවට 44%ක තීරුබදු පැනවීමට තීරණය කළේය. එමඟින් මෙරට අපනයනවලින් ඩොලර් බිලියන 3ක් පමණ බලපෑමට ලක් වීමට නියමිතයි. 

නමුත් පසුව එක්සත් ජනපදය මාස තුනකට එම තීරුබදු අත්හිටුවන බව නිවේදනය කළේය.

මේ සමබන්ධයෙන් සහනයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ පාර්ශවය විසින් දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබේ.