ඊයේ (20 වැනිදා) ආනයනික ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 80 ක් දක්වා පහළ බැස තිබිණ.
ඉන්දියාව, පකිස්තානය, චීනය, යන රටවලින් ලොකු ලූනු ආනයනය කෙරෙන බව ආනයනකරුවෝ පවසති.
පසුගිය උත්සව සමයේදී ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 280ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
මේ වන විට පසුගිය යල කන්නයේ වගා කළ දේශීය ලොකු ලූනු තොග අවසන්වී තිබේ. ඉදිරි යල කන්නයේ අස්වැන්න ලැබෙන තෙක් ලොකු ලූනු ආනයනය කිරීමට සිදුවී තිබේ.
