Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආනයනය කළ වාහන ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

1 year ago

වාහන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක පමණ ණයවර ලිපි මේ වනවිට විවෘත කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ඊයේ (22) මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 200ක පමණ වටිනාකමකින් යුත් වාහන මෙරටට ආනයනය කර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.