ලංකා බැංකු සේවකයින් අද (28) දහවල් කෑම පැයේදී උද්ඝෝෂණයක නිරත වුණා.
ලංකා බැංකුවේ සේවක සංගමය විසිනුයි මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ.
මාස 06 ක දිරිදීමනා තමන්ට ලබා දීමට අධ්‍යක්ෂක මණ්ඩලය අනුමත කර තිබියදිත් එම මුදල වත්මන් පාලකයින් ලබා නොදීම නිසා මෙම උද්ඝෝෂණය සිදුකරන බවයි බැංකු සේවක සංගමයේ සාමාජිකයින් කියා සිටියේ.
ගැටළුවට විසඳුමක් නොලැබුණොත් හෙට දින දහවල් 12.30 සිට සියළුම ලංකා බැංකු ශාඛාවල සේවකයි සේවයෙන් ඉවත්වන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
ඒ අනූව ලබන 06 වැනිදා වන විට මේ තත්ත්වය තීව්‍ර කරමින් එක්දින වැඩවර්ජනයක් දක්වා ගෙන යන බවයි ඔවුන් පවසන්නේ.
