2025 ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ එලිමිනේටර් තරගය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතරයි.
තරගයේ කාසියේ වාසිය දිනු මුම්බායි කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
මේ අතර මෙම තරගයේ දී ශ්රී ලංකා ක්රීඩක කුසල් මෙන්ඩිස් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් අයි.පී.එල් වරම් හිමිකර ගත්තා.
කුසල් මෙන්ඩිස් මෙම තරගයේදී ගුජරාට් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කරනු ලබනවා.
