Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

laugh gas - ලාෆ් ගෑස්

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දිමක්

1 year ago

ජුනි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසනවා.

ඒ අනුව ලාෆ්ස් ගෑස් මිල ගණන් මෙම මාසය සඳහා ද නොවෙනස්ව පවතින බවයි එම සමාගම නිවේදනය කරන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේ අවසන් වරට ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුවූ අතර එහිදී කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168කින් ඉහළ නැංවුණා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645 ක් වන බව ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කළා.