Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දකුණු අප්‍රිකාවෙන් බිහි වූ සුපිරි පිතිකරුවෙකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

1 year ago

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෙකු වන හෙන්රිච් ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

ක්ලාසන් සිය තීරණය අද (02) නිල වශයෙන් දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින් පවසන්නේ, 33 හැවිරිදි ක්ලාසන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ප්‍රවේගකාරීම පිතිකරුවෙකු ලෙසයි.

කඩුලු රකින්නෙකු ලෙස ද කටයුතු කරන ක්ලාසන් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් ද සමුගත්තේ පසුගිය 2024 වසරේදීය.