Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානා ඇණියට එක්වන අලුත්ම අමුත්තා

1 year ago

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එකතු වන එයාර්බස් A330-200 ( Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන් යානය ලබන 4වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

පැරිස් සිට පැමිණෙන මෙම ගුවන් යානය, මෙරට ගුවන් යානා නිරීක්ෂකයින්ට විශේෂ අවස්ථාවක් ලබාදෙමින්, කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

උදෑසන 8:00 සිට 9:00 දක්වා, අඩි 1,000ක පමණ උසකින්, මෙම ගුවන් යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයේ හි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා දිස්වන පරිදි පියාසර කිරීමට නියමිත බව සඳහන්.