Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කමිදු මෙන්ඩිස්ට හිමි වූ සම්මානය

1 year ago

ඉන්දීය ප්‍රිමියර් තරගාවලියේ 18වන අදියර ඊයේ නිමාවට පත් වුණේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පළමු වරට ශූරතාවය හිමිකර දෙමින්.

මේ අතර මෙවර තරගාවලියේ රැකගත් විශිෂ්ටතම උඩපන්දුව වෙනුවන් පිරිනැමෙන සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක කමිදු මෙන්ඩිස්ට සමත් වුණා.

ඒ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම සමගින් පැවති තරගයේදී ඔහු රැකගත් විශිෂ්ට උඩපන්දුව වෙනුවන්.

කමිදු මෙන්ඩිස් වෙනුවෙන් එම සම්මානය ලබාගත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ නුවන් තුෂාරයි.