Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

IPL ජය සැමරුම ඛේදවාචයකින් අවසන් වෙයි! තෙරපීමකින් 11ක් මරුට!

1 year ago

2025 IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමේ ජය සැමරීම වෙනුවෙන් බෙංගලූරු හිදී අද (4) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

එමෙන්ම පුද්ගලයින් 50 දෙනෙකුට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කර්ණාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගමය (KSCA) විසින් බෙංගලූරු එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සංවිධානය කර තිබූ උපහාර උත්සවය අතරතුර මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබේ.

මෙහිදී ඇති වූ තෙරපීම හේතුවෙන් බොහෝ දෙනෙක් සිහිසුන් වී ඇදවැටී ඇති බව සඳහන්.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (3) පැවති අතර, ඉන් පංජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 6කින් පරාජය කිරීමට බෙංගලූරු කණ්ඩායමට හැකිවිය.