ආනයනය කළ මෝටර් රථ 700 ත් 1000 ත් අතර ප්‍රමාණයක් කොළඹ සහ හම්බන්තොට වරායන් තුළ මේ වන විට සිරවී ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ ප්‍රකාශ කළේ ආනයන සහ අපනයන රෙගුලාසි යටතේ 2013 වසරේ අප්‍රේල් මස 03 වනදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ පවතින ගැටලු මීට හේතු වී ඇති බවයි.
මේ අතර, වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා යතුරුපැදි ඇතුලු වාහන 73,400ක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලියාපදිංචි කර ඇති බව එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ප්‍රකාශ කළා.
ඔහු සදහන් කළේ, ඉන් වැඩිම සංඛ්‍යාවක් යතුරුපැදි වන අතර එම සංඛ්‍යාව 58,947 ක් බවයි.
ඊට අමතරව මෝටර් රථ 7,500 ක් සහ ත්‍රිරෝද රථ 1,666 ක් ද ලියාපදිංචි කර තිබෙනවා.
