වාහන ආනයනයට අවසර දීමත් සමග මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාහන ආනයනයෙන් පමණක් උපයා ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
ඒ අනුව මෙම වසරේ ලබා දී ඇති ආදායම් ඉලක්කය වන බිලියන 2,115 ඉක්මවා යෑමට රේගුවට හැකියාව පවතින බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුග්ගොඩ මහතා සඳහන් කළා.
ඉකුත් වසරේදීද ශ්‍රී ලංකා රේගුව ආදායම් ඉලක්ක ඉක්මවා යමින් රුපියල් බිලියන 1,535ක ආදායමක් ලැබූ බව ඒ මහතා සඳහන් කළේය.
