Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සටන් විරාම කතා මැද බොරතෙල් මිලෙහි දැනෙන වෙනසක්

1 year ago

ගෝලීය ඉන්ධන මිල ද ගණන්හි සැලකිය යුතු පහත වැටීමක් සිදුව තිබේ.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 2.69කින් හෙවත් සියයට 3.76කින් ඩොලර් 68.79ක් දක්වා පහත ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම අගය ජුනි 11න් පසු බොරතෙල් බැරලයක් අවම මට්ටමට ළඟා වූ පළමු අවස්ථාව බවයි.

ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීම මේ සඳහා හේතූ වී ඇති බවයි.

මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමට ඉරානය උත්හාස කරමින් සිටින පසුබිමක මැදපෙරදිග මතුව ඇති අස්ථාරවත්වය හමුවේ ඊයේ (23) ගෝලීය ඉන්ධන මිල ඉහළ ගොස් තිබුණි.