Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඊශ්‍රායලය Evin බන්ධනාගාරයට එල්ල කළ ප්‍රහාරවලින් 71ක් මරුට

1 year ago

ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේ එවින් බන්ධනාගාරයට පසුගිය 23 වනදා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 71 දෙනෙකු මියගොස් ඇති බව ඉරානය පවසා අද (29) ඇත. 

ප්‍රහාරයෙන් පරිපාලන කාර්ය මණ්ඩලය, හමුදා සේවයේ නියුතු පිරිසක්, රැඳවියන්, රැඳවියන් බැලීමට පැමිණි පවුලේ සාමාජිකයන් සහ බන්ධනාගාරය අවට ජීවත් වූ අසල්වැසියන් ඇතුළු 71 දෙනෙකු මෙලෙස මියගොස් තිබේ.

ප්‍රහාරයෙන් එවින් බන්ධනාගාරයේ පරිපාලන ගොඩනැගිල්ලේ කොටසකට හානි සිදු වී ඇති අතර මියගිය පිරිසකට අමතරව තවත් පිරිසක් තුවාල ලබා සිටින බව සඳහන් වේ.

ඒ අතර බන්ධනාගාරයේ වසර තුනක් රඳවා සිට සිටින ප්‍රංශ පුරවැසියන් දෙදෙනෙකු ඇතුළු විදේශීය ජාතිකයන් ගණනාවක් සිටින බව ද වාර්තා වේ.