ගාසා තීරයට දිගින් දිගටම මානුෂීය ආධාර ප්‍රමාණවත් ලෙස නොලැබීමෙන් එහි සිටින දරුවන් මන්දපෝෂණයෙන් මිය යමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ වනවිට මන්දපෝෂණයෙන් හේතුවෙන් මියගිය ළමුන් සංඛ්‍යාව 66ක් කට අධික බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
යුනිසෙෆ් සංවිධානය ද පෙන්වා දෙන්නේ ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව ‘භයානක අනුපාතයකින්’ ඉහළ යන බවයි.
ගාසා තීරයට ලැබෙන මානුෂීය ආධාර වැළැක්වීමට ඊශ්‍රායලය පියවර ගැනීම නිසා මෙම තත්ත්වය හට ගෙන ඇති බව සඳහන් වේ.
