Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මුළු ලොවක ආදරය දිනාගත් ප්‍රසිද්ධ ඉන්දීය නිළියගේ මරණයට හේතුව සම පැහැපත් කිරීමේ එන්නතද?

1 year ago

ඉන්දියාවේ ප්‍රසිද්ධ නිලි ෂෙෆාලි ජරිවාලාගේ මරණය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තවමත් නිශ්චිත හේතුවක් සඳහන් කර නොමැති නමුත් හදිසියේම රුධිර පීඩනය පහත වැටීම නිසා ඇති වූ හෘදයාබාධයක් ඇය මියයාමට හේතු විය හැකිබව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 27 වනදා මියයන විට ෂෙෆාලි ජරිවාලා 42 හැවිරිදි වියේ පසු විය.

මීට දශක දෙකකට පමණ පෙර ‘කාන්ටා ලගා’ සංගීත වීඩියෝවෙන් කීර්තියට වූ ෂෙෆාලි ජරිවාලා ඉන්දීය නිලියක් ලෙසත් නිරූපන ශිල්පිණියක් ලෙසත් කටයුතු කළාය.

ෂෙෆාලි ජරිවාලාගේ වෛද්‍යවරයා NDTV ඉන්දීය පුවත් සේවය වෙත ප්‍රකාශ කර ඇත්තේ ඇය පසුගිය වසර අටක කාලය තුළ වයස්ගත වීම වැළැක්වීම සඳහා හා සමේ පැහැය වර්ධනය කිරීමට ප්‍රතිකාර ලබා ගත් බවයි.

වාර්තාවලට අනුව, ඇය ජුනි 27 වන දින සුපුරුදු පරිදි වයස්ගත වීම වැළැක්වීමට ගන්නා එන්නතක් ලබා ගෙන ඇත.

එදින රාත්‍රී 11 ට පමණ ඇයට දැඩි අසනීප තත්ත්වයක් දැනී ඇති අතර ඇය වෙව්ලන්නට පටන් ගෙන සිහිය නැති වීම නිසා ඇයව රෝහල්ගත කිරීමට ඇගේ සැමියා පියවර ගෙන තිබුනද ඇය ඒ වන විටත් මියගොස් සිට ඇති බව වෛද්‍යවරු පවසා ඇත.

කෙසේ වෙතත් මූලික සොයාගැනීම් අනුව “අඩු රුධිර පීඩනය, හෘදයාබාධය සහ අධික ආමාශයික තත්ත්වය” මරණය හේතු විය හැකි බව සඳහන් වේ.

පොලීසිය විසින් ඇගේ නිවසින් වයසට යාම වැළැක්වීමේ ඖෂධ සහිත කුප්පි, විටමින් අතිරේක සහ උදරයේ ආම්ලික තත්ත්වය සහනය කරන ඖෂධ පෙති සොයාගෙන ඇති බව වාර්තා වේ.

වාර්තා වලට අනුව, ෂෙෆාලි ජුනි 27 වන දින ඇගේ නිවසේ පූජාවක් සඳහා නිරාහාරව ද සිට ඇත.

නිරාහාරව සිටියදී හෝ විජලනය අතරතුර වයස්ගත වීම වැළැක්වීමේ ඖෂධ ලබා ගැනීම හානිකර විය හැකි බව වෛද්‍යවරු පවසයි.

ෂෙෆාලි ජරිවාලාගේ මරණයට හේතු වූ දේ පිළිබඳ නිශ්චිත පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටින අතර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉක්මනින් අපේක්ෂා කෙරේ.