Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දරුණු ප්‍රහාරයක්

1 year ago

ගාසා තීරයේ ස්ථාන කිහිපයක් වෙත ඊශ්‍රායලය ඊයේ(30) එල්ල කළ ප්‍රහාරවලින් 60කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

ඉරානය සමඟ පැවති කෙටි යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ඊශ්‍රායලයේ අවධානය නැවතත් ගාසා තීරය වෙත එල්ල වී තිබේ.

ඒ අනුව ගාසා තීරයේ උතුරු කලාපය ඉලක්ක කරගත් ප්‍රහාරවලින් ඊයේ පමණක් මෙලෙස පුද්ගලයින් 60කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ගාසා හි පාසල්, මෙන්ම ආහාර බෙදාදීමේ ස්ථාන ආදිය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායල‍ය ප්‍රහාර එල්ල කර ඇති බව එම මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

ගාසා හි සටන්විරාමයක් ඇතිකර ගතයුතු බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු වෙත දැඩි පීඩනයක් එල්ල වෙමින් ඇති පසුබිමක, ඊශ්‍රායලය ගාසා වෙත එල්ල කරන ප්‍රහාර තීව්‍ර කිරීම විශේෂත්වයකි.