Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

1 year ago

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “විශාල ලස්සන පනත” වශයෙන් හඳුන්වන පිටු 940 කින් යුත් “One Big Beautiful Bill Act” වියදම් පනත් කෙටුම්පත කොංග්‍රසය ද සම්මත කරන්නේ නම් තමා විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව ප්‍රකෝටිපති ව්‍යාපාරික එලෝන් මස්ක් ප්‍රකශ කර තිබේ.

“මෙම වියදම් පනත සම්මත වුණොත් ඇමෙරිකන් පාටි හෙටම පිහිටුවනවා” යැයි මස්ක් තම X සමාජ මාධ්‍ය වේදිකාව මත සටහනක් තබා තිබේ.

මස්ක් පවසන්නේ ඇමෙරිකාවේ දේශපාලන පද්ධතිය ජනතාවගේ සැබෑ ගැටළු පිළිබඳව සැලකිල්ලක් නොදක්වන බවත් ඔහුගේ නව පක්ෂය එම සියළු ගැටලුවලට විසඳුම් ලබාදීමට සූදානම් බවත්, එය ජනතාව නියෝජනය කිරීමට උත්සහ කරන බවයි.

මස්ක් සහ ජනාධිපති ට්‍රම්ප් අතර තිබූ සමීප සබඳතාවය මේවන විට බිඳ වැටී අවසන් අතර 2024 මැතිවරණය සඳහා මස්ක් විසින් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 300 කට ආසන්න පරිත්‍යාගයක් ලබාදී තිබුණද දැන් ඔහු එය විවේචනය කරන්නේ ‘ජාතික ණය විනාශයට පත් කරන පනතක්’ ලෙසයි.

මෙම ගැටුමෙන් පසු ටෙස්ලා කොටස් වටිනාකමෙන් ඩොලර් බිලියන 150කට ආසන්න අගයක් තාවකාලිකව අහිමි වී ඇත.