Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බදු ආදායමේ කැපී පෙනෙන වර්ධනයක්

1 year ago

2024 වසරේ සමස්ත බදු ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය වර්ෂයට අදාළ වාර්ෂික කාර්ය සාධන වාර්තාව එළිදක්වමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ දී 42.22% ක වර්ධනයක් සනිටුහන් කර ඇති බවයි.

2024 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත බදු ආදායම රුපියල් බිලියන 2,740.44ක් වු නමුත් සැබෑ ආදායම ඉලක්ක ගත ආදායමට වඩා රුපියල් බිලියන 120.38කින් පිටුපසින් සිටිමින් රුපියල් බිලියන 2,620.07ක් දක්වා ඉහළ නංවාගෙන තිබෙනවා.

එම ආදායමෙන් ඉලක්ක ගත ආදායම දල වශයෙන් 96% කින් සපුරාගැනීමක් නිරූපණය කරන අතර එමගින් ආර්ථික කාර්ය සාධනයේ ප්‍රශංසනීය ප්‍රගතියක් සහ බදු එකතුකිරීමේ ක්‍රමෝපායන්හී ඵලදායිතාව ද පෙන්නුම් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

2023 වර්ෂයේ රැස්කරගත් සත්‍ය ආදායම රුපියල් බිලියන 1,842.32ක් වන අතර එය පසුගිය වර්ෂයේ රුපියල් බිලියන 2,620.07ක් දක්වා ඉහළ නංවාගෙන තිබෙනවා.