Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස 6ක සිරදඬුවමක්

1 year ago

බංග්ලාදේශයේ, ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව, එරට හිටපු අගමැතිනිය වන ෂෙයික් හසීනාට එරෙහිව මාස හයක සිරදඩුවමක් නියම කර තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ නඩුවකට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇති බව වාර්තා වේ.

සිසු අරගලය මර්දනය කිරීම සදහා අගමැතිනිය බලය අනිසි ලෙස යෙදවීම සම්බන්ධයෙන් නඩු විභාගයක් අරඹා තිබුණු අතර, එම නඩු විභාගය සදහා පෙනීසිටීමට අධිකරණය හමුවට එන ලෙසට ඇයට නියෝග කර තිබුණා. 

කෙසේ වෙතත්, රටින් පලා ගොස් සිටින අගමැතිනිය ඊට සහභාගී වි තිබුණේ නැහැ. 

අධිකරණය මග හැර සිටීමෙන් ෂෙයික් හසීනා අධිකරණයට අපහාසයක් කළ බව නියම කරමින් මෙම මාස හයක සිරදඩුවම බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව විසින් ශීක් හසීනාට එරෙහිව පනවා තිබෙනවා.

හසීනාට එරෙහිව නඩු 155 ක් ගොනුකර ඇති අතර එයින් මිනීමැරුම් නඩු 136 ක්, මිනීමැරීමට තැත් කිරීමේ නඩු 8 ක්, පැහැරගැනීමේ නඩු 3 ක් සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාර නඩු 7 ක් ඇයට එරෙහිව ගොනු කර ඇති බව වාර්තා වේ.

බංගලාදේශයේ ඇති වූ විරෝධතා හමුවේ 2024 අගෝස්තු 5 වනදා ඇය සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඩකාහි ඇති ඇගේ නිවස ද අතහැර ඉන්දියාවේ හෙළි නොකළ ස්ථානයකට රට හැර පලා ගියාය.