Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජපන් ගුවන් යානයක් හදිසියේම අඩි 26,000ක් පහළට වැටෙයි

1 year ago

බෝයිං 737 වර්ගයේ තවත් මගී ප්‍රවාහන යානයක් මිනිත්තු 10ක කාලයක් තුළ අඩි 26,000ක් පහළට වැටීමේ පුවතක් විදෙස් මාධ්‍ය කර තිබේ.

එම ගුවන් යානය මිනිත්තු 10ක කාලයක් ඇතුළත ආසන්න වශයෙන් අඩි 36,000 සිට අඩි 10,500ක් දක්වා වේගයෙන් පහත වැටී තිබෙනවා.

මෙමෙ සිදුවීම පසුගිය 30 වැනිදා එරට වේලාවෙන් සවස 6:53ට පමණයි සිදුව ඇත්තේ.

චීනයේ ෂැංහයි සිට ජපානයේ ටෝකියෝ දක්වා ගමන් කරමින් තිබූ මෙම යානය හදිසියේම මෙසේ පහළට වැටීම නිසා එහි ගමන් කළ මගීන්ට ඔක්සිජන් මුහුණු ආවරණ පැළඳීමට ද සිදුව තිබෙනවා.

එහිදී යානාය අභ්‍යන්තරයේ පීඩනය පහත වැටී යානයේ සිටි මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට පත්ව ඇති අතර මෙම සිදුවීමට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ.

කෙසේ නමුත් යානය සාර්ථකව ජපානයේ කන්සායි ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීමට නියමුවන් සමත්ව තිබුණි.