Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කටුනායක ගුවන්තොටුපලට වැට් බදු නැවත ලබාදීමේ කවුළුවක්

1 year ago

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේ ස්ථාපනය කරන ලද සංචාරකයන් ශ්‍රී ලංකාව තුළදී භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවන ලද එකතු කල අගය මත බදු නැවත ලබාදීමේ කවුළුවක් ඊයේ විවෘත කළා.

ඒ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති සහ කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ ප්‍රධානත්වයෙන්.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපතිතුමා වෙත 2025 මාර්තු මස 14 වන දින ඉදිරිපත් කරන ලද යෝජනාවකින් ලැබුණු ප්‍රතිපත්තිමය අනුමැතියට යටත්ව මෙය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

මෙරට තුළ දින 90කට අඩුවෙන් රැඳී සිටින රුපියල් 50,000කට වඩා වැට් බදු ගෙවූ සංචාරකයන්ට තමන් ගෙවූ වැට් බදු මෙහිදී නැවත ලබා ගත හැකියි.

මෙම සේවාව ආරම්භ කර ඇත්තේ සංචාරකයන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මිලදී ගැනීමට උනන්දු කිරීමත්, ලංකාවේ බදු එකතු කිරීම ක්‍රමවත් කිරීමත් වෙනුවෙන්.