Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හදිසි හෘදයාබාධවලට හේතූව කොවිඩ් එන්නතද? විශේෂ අනාවරණයක්

1 year ago

හදිසි මරණවලට කොවිඩ් එන්නත හේතු නොවන බවට ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය (ICMR) සහ සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනය (AlIMS) විසින් දැනට කරගෙන යන පර්යේෂණයකදී අනාවරණය වී තිබෙනවා.

කොවිඩ් එන්නත් මාත්‍රා කිසිවක් හෘදයාබාධ හා මරණ සමඟ සම්බන්ධ නොවන බව වෛද්‍ය සුධීර් අරවා ප්‍රකාශ කරනවා.

IANS වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මේ දක්වා මූලික දත්ත මගින් හෘදයාබාධ සහ කොවිඩ් එන්නත් අතර කිසිදු ඇඟවීමක් පෙන්වා දී නොමැති බවයි.

“මේ දක්වා, අපගේ අධ්‍යයන දත්ත පවසන්නේ එන්නත මරණයට හේතුවක් කෙරෙහි කිසිදු බලපෑමක් නොමැති බවයි, එය පළමු මාත්‍රාව, දෙවන මාත්‍රාව හෝ තුන්වන මාත්‍රාව වේවා, එහි කිසිදු වෙනසක් නැත.”