ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ අකුසෙකිජිමා නම් දූපතක රික්ටර් පරිමාණ 5.5ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පන තත්ත්වයක් හට ගෙන ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එහි කේන්ද්‍රව කිලෝමීටර් 19ක් පමණ ගැඹුරු මුහුද යට හටගෙන තිබෙන බව සඳහන්.
කෙසේ වෙතත් හටගෙන ඇති භූකම්පන තත්ත්වයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණා.
කෙසේ නමුත් ටොෂිමා ගම්මානයේ නිලධාරීන් පවසා ඇත්තේ එම දූපතේ පදිංචිකරුවන් 23 දෙනාගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් මේ වන විට ඔවුන් එම දූපතෙන් ඉවත් කර ඇති බවත්ය.
මේ අතර ජපන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ටොෂිමා ගම්මානයේ භූ කම්පන මාලාවක්ම ඇතිවූ බවත් ජපාන වේලාවෙන් ඊයේ උදෑසනද අකුසේකි-ජිමා දූපතට රික්ටර් මාපකයේ 5.4ක භූ කම්පන තත්ත්වයක් ඇති වූ බවයි.
