Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති ජනතාවගෙන් කළ ඉල්ලීම

1 year ago

කිසිලෙසකින්වත් ජාතිවාදී දේශපාලනයට සහය නොදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පරාජිත දේශපලනඥයින් යළි නැගිසිටිම සඳහා මෙවලමක් ලෙස යොදාගන්නේ ජාතිවාදය බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ.

ලෝක පොල් දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළා.

රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය ජාතික වැඩසටහන ආරම්භ කරමින් ජනාධිපතිතුමා අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මුලිතව් පුදුකුඩුඉරිප්පු කන්දසාමි කෝවිලේදි ආරම්භ කෙරුණා.

ලෝක පොල් දින සැමරුමට සමගාමිව “රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය” උතුරේ පොල් ත්‍රිකෝණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පුදුකුඩුඉරිප්පු නගරයේදී ආරම්භ කෙරුණා.

2025 වසරේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීම මෙහි අරමුණ වන අතර 2027 වසර වන විට එම ප්‍රමාණය අක්කර 50,000 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතයි.