Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් නිළධාරීන්ට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

1 year ago

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහය දෙන පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.

එවැනි නිලධාරීන්ට ඉන් මිදීමට අවස්ථා කිහිපයක් ලබාදෙන බවත් එසේ නොවන්නේ නම් සේවයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි ජනපතිවරයා කියා සිටියේ.

159 වැනි පොලිස් දින සැමරුම අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.