Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මිහින් ලංකා ඇතුළු වසා දමන රාජ්‍ය ආයතන ලැයිස්තුව මෙන්න

1 year ago

පළමු අදියර යටතේ ඈවර කිරීමට නියමිත ආයතන කිහිපයක නම්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී හෙළිදරව් කරනු ලැබුවා.

ඈවර කිරීමට යෝජිත ආයතන ලැයිස්තුව:

* Asian Games (Pvt) Ltd
* Thurusaviya Fund
* Selin Diwa Investments (Pvt) Ltd
* Lanka Logistics (Pvt) Ltd
* Commonwealth Games Hambantota (Pvt) Ltd
* Magampura Port Management Company
* Mihin Lanka Limited
* Media Training Institute
* Expressway Transport Company (Pvt) Ltd

ඉහත ආයතනවලට අමතරව තවත් ආයතන කිහිපයක් පළමු අදියර යටතේ ඈවර කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, එම අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කෙරෙන විශේෂ ඈවර කිරීමේ ඒකකයක අධීක්ෂණය යටතේ මෙම ආයතන ඈවර කිරීමට නියමිතයි.