Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කෙහෙල්බද්දර පද්මෙගේ බඩු හංගන් හිටි පොහොට්ටු මන්ත්‍රී ගැන ගත් තීරණය

1 year ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි නැමැත්තාට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය නිකුත් කරමින් එම පක්ෂය පවසන්නේ එවැනි චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු අවස්ථාවක ලිහිලි ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බව අදාළ නිවේදනය මඟින් දන්වා සිටිනවා.