Bank of Ceylon බිනර පුර පසළොස්වක පොහොය තෑගි යනුවෙන් මේ දිනවල සංසරණය වන msg එකක් ගැන පොලීසිය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය දැනුම්දෙන්නේ එය වංචනික සහ භයානක scam link එකක් බවයි.
පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කිසිසේත්ම මෙය click නොකරන ලෙසයි.
ඔබව රවටා ඔබගේ පෞද්ගලික තොරතූරු (බැංකු ගිණුම් විස්තර, මුරපද, ආදිය) සොරකම් කිරීමට හෝ ඔබගේ දුරකථනයට අනිෂ්ට මෘදුකාංග (malware ) ඇතුළු කිරීමට හැකි බව එමඟින් දැනුම් දෙනවා.
ශ්රී ලංකා පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්.

