Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සපුගස්කන්ද පිරිපහදුවේ ගින්න පාලනයට තවත් ගිනි නිවීම් රථ 4ක් යොදවයි

1 year ago

(UPDATE 7.46PM) – සපුගස්කන්ද පිරිපහදුවේ අළුත්වැඩියා කරමින් තිබූ ඉන්ධන ටැංකියක හටගත් ගින්න පාලනයට, තවත් ගිනි නිවීම් රථ 4 ක් පිටත්කර යැවූ බව, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව කියයි.

————————————————————————————————————————————————————————————

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අයත් තෙල් ටැංකියක අද (10) පස්වරුවේ ගින්නක් ඇතිව තිබේ.

සපුගස්කන්ද පොලිසිය පැවසුවේ ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවීම් ඒකක යුහුසුළුව කටයුතු කරමින් සිටින බවය. 

ඉන්ධන ඉවත් කළ තෙල් ටැංකියක අලුත්වැඩියා කටයුත්තක් අතරතුර ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.

ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට කොළොන්නාවේ සහ කොළඹ ගිනි නිවන රථ යොමුකරමින් තිබේ