පාර්ලිමේන්තුව තුළ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් කථානායකයවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට කල්තැබීය.
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ඊයේ(10) දිනයේදී කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙනුයි මෙසේ පාර්ලිමේන්තුව අත්හිටුවීමට කටයුතු කළේය.
කෙසේවෙතත් අද දිනයේ දී ද මෙම විශ්වාසභංග යෝජනාවට කථානායකවරයා පිළිනොගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සිය විරෝධය පළ කර සිටීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇති විය.
එමෙන්ම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කර සිටියේ, විශ්වාසභංග යෝජනාව ගෙනඒමට නොහැකි යැයි පැවසීම පදනම් විරහිත ප්‍රකාශයක් බවය.
