Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහින්ද රාජපක්ෂට කොළඹින් නිවාස 4ක්

1 year ago

හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාට කොළඹින් නිවාස ලබාදීම සඳහා හතර දෙනකු දැනටමත් ඉදිරිපත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායක හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කරනවා.

ඔහු කියා සිටින්නේ කොළඹ 07 රොස්මීඩ් පෙදෙස, වෝඩ් පෙදෙස ඇතුළු ප්‍රදේශ කිහිපයක එම නිවාස පිහිටා තිබෙන බවයි.

මෙම නිවාස 4න් ඵක් නිවසක් බැලීම සඳහා තමාට පැමිණෙන ලෙසට දැනුම් දුන්නද තවමත් ඒ සඳහා තමන් නොගිය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මහින්ද රාජපක්ෂ මහතාට මෙම නිවාස හතර ලබාදීමට ඉදිරිපත් වූ පුද්ගලයින් හතර දෙනා අතර දෙමළ ජාතිකයෙකුද සිටින බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරනවා.