රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404 ක් සඳහා 2026 වර්ෂයට නියමිත මුළු නිල ඇඳුම් ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා දීමට අදාළ එකඟතා සහතික හුවමාරු කිරීමේ නිල උත්සවය ඊයේ(11) දින බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණි.
ඒ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, චීන තානාපති Qi Zhenhong යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
එහිදී 2026 වර්ෂයට අදාළ නිල ඇඳුම් ලබා දීමට එකඟතාව පල කළ සහතිකය හුවමාරු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සහ චීන නානාපති Qi Zhenhong මහතා අතර සිදුවිය.
