Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දියවඩන නිළමේ නිලවරණය තියුණු වන ලකුණු! දැනටමත් නම් හයක්!

1 year ago

ශ්‍රී දළදා මාලිගාවේ දියඩවන නිළමේ නිලවරණය දෙසැබ්මර් මස 07 වැනිදාට පෙර දිනයක මහනුවර බෞද්ධ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

එම දිනය දිනය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

කෙසේවෙතත් තවමත් දින නියම වී නොතිබිය දී  පුද්ගලයින් හය දෙනෙකු ඒ සඳහා ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙලෙස ප්‍රකාශ කර තිබෙන්නේ හිටපු දියවඩන නිලමේ මෙන්ම වත්මන වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර කතරගම මහා දේවාලයේ හා පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ, මහනුවර නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඒ. ඩබ්ලිව්. එස් බණ්ඩාරනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය තිලක් සුබසිංහ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු  වන ගාමිණි කලුහෙන්දිවල හා ඓතිහාසික සෝනුත්තර රජමහා විහාර භාරකාරත්වය හා සතර මහ දේවාල භාර මහ නිලමේ ධුරය හොබවන රොෂාන් පස්සරමුදලිගේ යන අයයි.

දියවඩන නිලමේ ධුරය සඳහා තරඟ කරන බව පැවසුවත් ඔවුන්ගේ නම් නිලවරණය පැවැත්වෙන අවස්ථාවේ යෝජනා ස්ථිරත්වයෙන් සම්මත විය යුතුයි. එසේ නොවුනහොත් අපේක්ෂකත්වය හිමි නොවේ.