ජාතික පාසැල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුවරුන් පිරිසක් අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ තිබුණා.
එහිදී ඔවුන් අමාත්‍යාංශය තුළ අසුන්ගෙන නිහඬ විරෝධතාවයක නිරත විය.
කෙසේ වෙතත් එහි රැදී සිටි ගුරුවරුන් 10 දෙනෙකුට සාකච්ඡාවකට අවස්ථාව හිමිවිය.
වසර 3ක ස්ථීර සේවා කාලය අවසන් කළ ගුරුවරුන්ට තම දරුවන් ඔවුන් ඉගැන්වීම් සිදුකරන පාසැල්වලට ඇතුළත් කරගැනීම සඳහා පැන නැගී තිබු ගැටළු සම්බන්ධයෙන් තවමත් විසදුම් ලබා නොදීම හේතුවෙන් මෙම ගුරුවරුන් පිරිස අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ තිබුණි.
