Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධ්‍යාපන අමාත්‍යංශයේ සිදු කළ උපවාසය නතර කිරීමට ගුරුවරුන්ගෙන් තීරණයක්

1 year ago

ජාතික පාසැල්වල වසර 03ක සේවා කාලයක් සම්පූර්ණ කළ අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට තම දරුවන් තමා සේවය කරන පාසැලටම ඇතුළත් කර ගැනීමේ අවස්ථාව යළි ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු දරුවෝ එකමුතුව ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරම්භ කළ උපවාසය ඊයේ රාත්‍රියේ අවසන් කළා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

තම ගැටලුවලට විසදුම් ිල්ලමින් මෙම පිරිස ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට ද ඊයේ පැමිණියා.

එහිදී ඔවුන්ගෙන් දස දෙනෙකුට අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවුණා.

කෙසේවෙතත් අදාළ සාකච්ඡා අසාර්ථක වූ බව පවසමින් ඔවුන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ කාර්යාලය අසල රැඳී සිටිමින් උපවාසයක් ආරම්භ කළා.

පසුව ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයෙකු සමඟ සාකච්ඡාවක් හිමි වූ අතර එම සාකච්ඡාවෙන් අනතුරුව උපවාසය නතර කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.