Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ලලිත් පතිනායකව පත් කෙරේ

1 year ago

පොලිස්පති, නීතිඥය ප්‍රියන්ත වීරසූරිය ඊයේ (15) දිනයේ චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගිවීම වෙනුවෙන් ඔහු මෙලෙස දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

ඒ මහතා ලබන 20 වෙනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතයි.

ඒ දක්වා කාලය තුළදී පොලිස්පතිධූරයේ වැඩබැලීම සඳහා මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර තිබෙනවා.