ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයින් ඇතුළු කිහිප දෙනෙකුගේ වත්කම් පිළිබඳව මේ දිනවල දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක අල්ලස් කොමිසම විසින් දේශපාලනඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ සිය වෙබ් අඩවියේ පළකර තිබුණා.
අමාත්‍ය කුමාර ජයකොඩිගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිසම මගින් ප්‍රසිද්ධ කර තිබූ අතර, එම ප්‍රකාශයට අනුව රුපියල් මිලියන 58.5ක් වටිනා අක්කර 3ක ඉඩමක්, අක්කරයක ඉඩමක් සහ පර්චස් 15ක පිහිටි නේවාසික ගොඩනැගිල්ලක්, රුපියල් 5,000,000ක් වටිනා ස්වර්ණාභරණ මෙන්ම මිලියන 52.5ක් වටිනා ටොයෝටා ඇක්වා වර්ගයේ මෝටර් රථයක් හා ටොයෝටා ලෑන්ඩ් කෲසර් වර්ගයේ මෝටර් රථයක් ඔහු සතුයි.
එමෙන්ම කුමාර ජයකොඩි මහතා මූල්‍ය ආයතන කිහිපයකම රුපියල් 43,628,557ක් ආයෝජනය කර ඇති අතර බැංකු ගිණුම් 2ක ඔහු සතුව රුපියල් 593,936ක මුදලක් පවතිනවා.
ඒ අනුව අමාත්‍ය කුමාර ජයකොඩි සතු මුළු වත්කම් ප්‍රමාණය රුපියල් 160,222,493 කට අධිකයි.
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ වත්කම් හා බැරකම් ද අල්ලස් කොමිසම මගින් ප්‍රසිද්ධ කර ඇති අතර ඒ අනුව රුපියල් 4,490,850ක් වටිනා පර්චස් 12ක ඉඩමක්, රුපියල් 1,512,000ක් වටිනා පවුම් 9ක ස්වර්ණාභරණ සහ රුපියල් 9,000,000ක් වටිනා මෝටර් රථයක් ඔහු සතුයි.
ඔහු සහ ඔහුගේ පවුල භාණ්ඩාගාර බිල්පත්, මුදල් වෙළෙඳපොල සහ කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ඇති මුදල 10,242,711ක්.
චතුරංග අබේසිංහ සහ ඔහුගේ පවුල සතු බැංකු ගිණුම් කිහිපයක රුපියල් 13,189,524ක් සහ අමෙරිකානු ඩොලර් 153,499ක් පවතිනවා.
නියෝජ්‍ය අමාත්‍ය ටීබී සරත් සතුව රුපියල් 8,800,000ක් වටිනා නිවසක් පවතින අතර, අක්කර 3ක ඉඩම් 2ක් සම්බන්ධයෙන් සඳහන් කර තිබුණද ඒවායෙහි වටිනාකම් දක්වා නැහැ.
රුපියල් 1,000,000ක් වටිනා රත්‍රං මෙන්ම රුපියල් 500,000 ක් වටිනා යතුරු පැදියක් සහ රුපියල් 6,500,000ක් වටිනා මෝටර් රථයක් ද ඔහු සතුයි.
මීට අමතරව ඔහු සහ ඔහුගේ පවුලේ බැංකු ගිණුම්වල රුපියල් 638,033ක මුදලක් පවතිනවා
පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දිකගේ වත්කම් හා බැරකම් ද අල්ලස් කොමිසම ප්‍රසිද්ධ කර ඇති අතර, ඔහු සතු පර්චස් 18ක ඉඩමෙහි වටිනාකම රුපියල් 6,000,000ක්.
මීට අමතරව ඔහු සහ ඔහුගේ පවුල සතුව රුපියල් 700,000ක් වටිනා පවුම් 03ක ස්වර්ණාභරණ ,රුපියල් 6,000,000ක් වටිනා මෝටර් රථයක්, රුපියල් 2,500,000ක් වටිනා මෝටර් රථයක් සහ රුපියල් 150,000ක් වටිනා යතුරුපැදියක්ද පවතිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දිකගේ සහ ඔහුගේ පවුල සතු බැංකු ගිණුම් කිහිපයක රුපියල් 2,993,679ක මුදලක්ද පවතිනවා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික සතු මුළු වත්කම් ප්‍රමාණය රුපියල් 18,343,679 කට අධිකයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව ඔහු සහ ඔහුගේ පවුලේ අය සතුව අක්කර 6කට අධික ඉඩම් 17ක් පවතින අතර, ඒවායෙහි වටිනාකම රුපියල් 130,000,000කට කට අධිකයි.
මීට අමතරව රුපියල් 21,500,000කට අධික ස්වර්ණාභරණ සහ අත්ඔරලෝසුද ඔහු සතුව පවතිනවා.
රුපියල් 13,000,000ක් වටිනා මර්සිඩිස් බෙන්ස් මෝටර් රථයක් සහ රුපියල් 17,600,000ක් වටිනා වොක්ස්වැගන් මෝටර් රථයක් රවී කරුණානායකට හිමියි.
එමෙන්ම ඔහු මෙරට ප්‍රධාන පෙළේ සමාගම් දෙකක කොටස් 30,801ක් ද මිලට ගෙන ඇති බව වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් කර ඇති අතර එහි වටිනාකම දක්වා නැහැ.
ඔහු සහ ඔහුගේ පවුලට සමාගම් 16ක කොටස් අයිතීන් පවතින අතර ඒවායෙහි ද නිශ්චිත වටිනාකම් දක්වා නැහැ.
මීට අමතරව ඔහු සහ ඔහුගේ පවුලේ ඉතුරුම්, ජංගම සහ බද්ධ ගිණුම්වල රුපියල් 9,751,495ක මුදලක් තැන්පත් කර ඇති අතර, තවත් ගිණුම් 2ක අමෙරිකානු ඩොලර් 15,064ක් සහ බ්‍රිතාන්‍ය පවුම් 141ක් තැන්පත් කර තිබෙනවා.
ඒ අනුව රවී කරුණානායක ලබා දී ඇති වත්කම් බැරකම් ප්‍රකාශය අනුව ඔහු සතු ගණනය කළ හැකි වත්කම් ප්‍රමාණය රුපියල් 191,851,495 කට අධිකයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සතුව නේවාසික ගොඩනැගිලි 5ක් සහ ඉඩම් කට්ටි 5ක් පවතින අතර, ඒවායෙහි මුළු වටිනාකම රුපියල් මිලියන 120කට (120,400,000) අධිකයි.
මීට අමතරව රුපියල් 3,310,000ක් වටිනා පවුම් 20ක රත්‍රං හා මිලියන 62කට (62,200,000) අධික බස් රථ 6ක් ඔහු සතුයි.
ඔහු සහ ඔහුගේ පවුල සතුව ඇති බැංකු ගිණුම් කිහිපයක මූල්‍යමය වත්කම් ප්‍රමාණය 38,496,539ක්.
ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබා දී ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශය අනුව රෝහිත අබේගුණවර්ධන සතු මුළු වත්කම් ප්‍රමාණය රුපියල් 224,206,539ක්.
(source – hiru news)
