Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුනිත්ගේ පියාගේ මරණයට හේතුව මරණ පරීක්ෂණයේදී හෙළි වෙයි

1 year ago

ජාතික ක්‍රිකට් කණ්ඩායම් නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ගේ පියා වන සුරංග වෙල්ලාලගේ මියගොස් ඇත්තේ දීර්ඝ කාලීන රෝගී තත්ත්වයක් සහ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් බව මොරටුව හදිසි මරණ පරීක්ෂක කවිඳු පීරිස් පවසනවා.

පානදුර මූලික රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරී වෛද්‍ය මුදිත කුඩාගම විසින් කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඒ බව දන්වා ඇතැයි කවිඳු පීරිස් සඳහන් කරනවා.

දිගුකාලීනව අධික රුධිර පීඩන රෝගී තත්ත්වය මත ප්‍රතිකාර ලබාගෙන ඇති බවද, ඔහු නරඹමින් සිටී ක්‍රිකට් තරඟය මරණයට හේතුවූ බවට පවුලේ සාක්ෂිවලින් අනාවරණය නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මොරටුව,  ෆ්‍රැන්සිස්කු පෙදෙසේ පදිංචිව සිටි සුරංග වෙල්ලාලගේද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

ඊයේ (19) රාත්‍රියේ පැවති ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ක්‍රිකට් තරගය රූපවාහිනියෙන් නරඹමින් සිටියදී වතුර වීදුරුවක් පානය කිරීමට නැගිට යාමේදී ඔහු හදිසියේ පපුව අල්ලාගෙන දණ ගසාගෙන බිම  වාඩිවී ඇති අතර, බිරිඳ විසින් පානදුර මූලික රෝහලට රැගෙන විත් තිබුණා .

පානදුර රෝහලට ඇතුළත් කරන විටත් සුරංග වෙල්ලාලගේ මහතා මියගොස් සිට ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මෘතදේහය දේහය සම්න්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සහ හදිසි මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී සිදුකළේය.