කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහිල් රංගජීව මුණසිංහ මහතා අද (21) උදෑසන හදිසියේ මිය ගොස් තිබෙනවා.
අද උදෑසන ව්‍යායාම සඳහා ඇවිදීමට ගොස් සිටියදි ඔහු ඇද වැටී තිබෙනවා.
ඒ හේතුවෙන් බොරකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙන අතර එහිදී මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මියයන විට 47වන වියේ පසු වූ මහිල් මුණසිංහ මහතා පළාත් පාලන මැතිවරණයෙන් පසු කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් වුණා.
