Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිබල සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

1 year ago

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කළ බව සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිඛිතව දැනුම් දී ඇත.

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය 21 වනදා නිකුත් කෙරුණි.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සඳහා අත්සන් තබා ඇත.