Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තංගල්ලේ හසුවූ මත්ද්‍රව්‍ය තොගය රට තුළට පැමිණි ආකාරය හෙළිවෙයි

1 year ago

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයගත් මත්ද්‍රව්‍ය තොගය යාත්‍රා 02කින් මුහුදු මාර්ගයෙන් පෙරේදා මෙරටට ගෙනැවිත් කුඩාවැල්ල මාවැල්ල වෙරළින් ගොඩබා ඇති බව තිබෙන බවට අනාවරණය වී තිබෙනවා.

එම ස්ථානයේ සිට වෙරළ අසල තිබූ නිවසකට මත්ද්‍රව්‍ය තොගය ගෙන ගොස් පසුව එම තොගය ලොරි රථවලට පටවා සීනිමෝදර සහ ගොඩැල්ලවෙල ප්‍රදේශවලට අවස්ථා 02කදී ප්‍රවාහනය කර ඇති බව වැඩිදුරටත් අනාවරණය වී ඇත.

පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ මාවැල්ල වෙරළේ සිට සීනිමෝදර නිවසට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පිරිස පසුව එම නිවසේදී ද මත්පැන් පානය කර ඇති අතර හමුවූ මළසිරුරු අසල අයිස් මත්ද්‍රව්‍ය ද තිබූ බවයි.

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු අබිරහස් ලෙස මියයාමට බලපෑ හේතුව පිළිබඳව මේ වනවිට කරුණු අනාවරණය වී තිබේ.

අදාළ මරණ පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානයක්කාර මහතා විසින් සිදුකර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ බීර හා හෙරොයින් අධික ලෙස ශරීරගතවීම හේතුවෙන් මෙම මරණ සිදුවී ඇති බවය.