Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නා උයනේ හිමිවරුන්ගේ ආදාහන පූජෝත්සවය ගැන දැනුම්දීමක්

1 year ago

කුරුණෑගල – මැල්සිරිපුර – පන්සියගම නා උයන ආරණ්‍ය සේනාසනයේ පිහිටි කේබල් ආධාරයෙන් ගමන් කරන ඩක්කුවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ ආදාහන පූජෝත්සවය හෙට (27) පස්වරු 01.30 ට සිදුකිරීමට නියමිත බව ආදාහන කමිටුව නිවේදනය කරනවා.

එමෙන්ම, එම කටයුතුවලට අදාළ සාකච්ඡාවක් ඊයේ (25) රාත්‍රී 07 ට පැවැත්වුණා.

මේ අතර, මෙම සිද්ධියෙන් අපවත් වූ භික්ෂුන් වහන්සේ අතර සිටින විදේශීය භික්ෂූන්ගේ දේහයන් පිළිබද ගන්නා ක්‍රියාමාර්ග පිලිබඳ විදේශ අමාත්‍යංශය සමග එක්ව කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කළා.

එමෙන්ම උන්වහන්සේලාගේ දේහයන් මව් රටවල්වලට රැගෙන යාමට ඉල්ලීම් ලැබුණහොත් ඊට අදාළ පාර්ශ්ව මේ වන විට දැනුවත් කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණි සේනාරත්න ප්‍රකාශ කළා.