කොළඹ ඕල්කට් මාවතේ බස් රථයක් මතට අද (26) පෙරවරුවේ ගසක් කඩා වැටී අනතුරක් සිදුව තිබේ.
දුම්රිය මූලස්ථානය අසල දී මෙම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් අනතුරින් කිසිවෙකුට තුවාල සිදුවී නොමැත.
මේ අනතුර හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
