රථ වාහනවල ඉදිරිපස වීදුරුවල වෛද්‍යවරුන්, නීතිඥවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සහ වෙනත් වෘත්තිකයන් බව අඟවන ස්ටිකර් ඇලවීම නීති විරෝධී බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
තම තත්ත්වය සමාජයට පෙන්වීම සඳහා ඇතැම් පුද්ගලයින් එම ස්ටිකර් වාහනයේ ඉදිරිපස වීදුරුවේ ඇලවීම සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ වාහනවල ඉදිරිපස වීදුරුවේ ඇලවීමට අවසර ඇත්තේ ආදායම් බලපත්‍රය පමණක් බවයි.
ඒ අනුව තනතුර තානාන්තරය පෙන්වීමට වාහනවල අලවා ඇති ස්ටිකර් ඉවත් කිරීමට ඉදියේ දී පොලිසිය සමඟ එක්ව කටයුතු කරන බව සඳහන් කළා.
(source-dasathalanka)
