Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම අතර මිද්දෙණියේදී ඝාතනය වූ කජ්ජා සිටි බවට තහවුරු වෙයි

1 year ago

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම අතර පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී දරුදෙදෙනා සමග ඝාතනය ලක් වු අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ සිටි බවට තහවුරු වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් හඳුනා ගැනීමට නොහැකිව සිටි පුද්ගලයා ඔහු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අද පස්වරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුර තොරතුර බලාපොරොත්තුවන්න