මුහුදු මගින් හෙරොයින් කිලෝග්‍රෑම් 111 කට වැඩි ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒමේ ජාවාරමකට අදාළ පාකිස්තාන ජාතික සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතා තිබේ.
ශ්‍රීලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ඒකාබද්ධව 2016 වසරේ අප්‍රේල් 01 වැනිදා සිදුකළ වැටලීමකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, මෙරටට රැගෙන ඒම, සන්තකයේ තබාගැනීම යන චෝදනාවන්ට අදාළව සැකකරුවන් 17 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවකුවන බඩල්ගම කෙසෙල් ඇල්ල තාවකාලික පදිංචි පාකිස්තාන ජාතිකයකු වන අබ්බාස් ශබීර් හුසේන් යන අය මෙම වසරේ ජුලි 04 වැනිදා අභියාචනාධිකරණය මගින් ඇප මත මුදාහැර තිබෙන අතර ඔහුට සෑම ඉරුදිනකම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හමුවේ පෙනී සිටින ලෙසට කොන්දේසි පනවා ඇත.
කෙසේ වෙතත් එම සැකකරු කොන්දේසි කඩකිරීම සම්බන්ධයෙන් යළි අත්අඩංගුවට ගන්නා ලෙසට මහාධිකරණය නියෝග කර ඇති අතර එම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ස්ථානාධිපතිවරයාගේ 0718591881 අංකයට හෝ එම කාර්යංශයේ 0112343333 අංකයට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

