Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අයිස් කිලෝ 700ක් මෙරටට රැගෙන ආ බවට සැක ධීවර යාත්‍රා හිමිකරු අත්අඩංගුවට! ප්‍රබල දේශපාලන ආධාරකරුවෙක්!

1 year ago

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී සොයාගත් කිලෝග්‍රෑම් 700කට අධික මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආ බව කියන ධීවර යාත්‍රාවක හිමිකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ප‍්‍රබද දේශපාලන ආධාරකරුවෙකු බව පැවසෙන ‘බෙලිඅත්තේ සනා’ යනුවෙන් හැඳින්වෙන මෙම අපරාධකරු ඊයේ දින අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් පසුගියදා පොලීසිය විසින් සොයාගනු ලැබීය.

මෙම මත්ද්‍රව්‍ය තොගය විදෙස්ගත වී සිටින ‘උනාකුරුවේ ශාන්ත’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බවට විශ්වාස කෙරේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගය විදෙස් රටක සිට ටෝලර් යාත්‍රාවකින් ගෙනවිත් කුඩා ධීවර යාත්‍රාවකින් මෙරටට රැගෙනවිත් ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

එම කුඩා යාත්‍රාවේ හිමිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ‘බෙලිඅත්තේ සනා’ නම් සැකකරු, මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවකු වන ‘භූමිතෙලා’ නමැත්තාගේ කිට්ටුම සගයෙකු බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇති බවද වාර්තා වෙයි.