Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරු හා විදුහල්පති ස්ථාන මාරු පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්

1 year ago

ගුරු හා විදුහල්පති මාරුවීම් තුලනය කිරීම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතු බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මාරූවීම් ලැබුණොත් ඒවා ප්‍රතික්ෂේප කිරීම දිගු කාලයක් තිස්සේ පවතින බවත් මේ වන විට මෙය පුරුද්දක් බවට පත්වී ඇති නිසා මෙම ගැටළුවට කඩිනම් විසඳුම් ගත යුතු බව ඇය සඳහන් කළාය.

එමෙන්ම රජයේ සේවයේ ස්ථාන මාරුවීම් වලට අනුගත නොවන එකම අංශය මෙය බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

එවැනි මාරුවීම්වලට අනුගත නොවන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා වුණා.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ඇයගේ සභාපතිත්වයෙන් යුත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.