Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තාජුඩීන් ඝාතන සමයේ කජ්ජා රජයේ ප්‍රබල අමාත්‍යාංශයක සේවය කර ඇති බවට අනාවරණයක්

1 year ago

 රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතන සමයේ මීගස්ආරේ කජ්ජා නැමැත්තා රජයේ ප්‍රබල අමාත්‍යාංශයක සේවය කර ඇතැයි, මේ වන විට වාර්තා වී තිබේ.

ඒ , විමර්ශන කණ්ඩායම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පුළුල් විමර්ශනවලදීය.

මීගස්ආරේ කජ්ජා නැමැත්තා ඝාතන සිද්ධිය සිදු වූ දිනයේ රැඳී සිටි ප්‍රදේශ සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

ඝාතන සිද්ධිය වාර්තා වූ ප්‍රදේශය ආශ්‍රීත දුරකථන කුළුණු වාර්තා ද මේවන විට කැදවා ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය වූ දිනයේ ඔහු ගමන් ගත් රථයට පිටුපස රථයේ අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා ද සිටි බවට තහවුරු වී ඇතැයි පොලීසිය පසුගියදා ප්‍රකාශ කලේ ය.

වසීම් තාජුඩීන් මහතාගේ සිරුර 2012 වසරේ මැයි 17 වැනිදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය ආසන්නයේ මෝටර් රථයක් තුළ පිලිස්සී තිබියදී සොයා ගැනුණි.